Tuesday, November 5, 2013

රූපවාහිනී මහ ගෙදර


හරිද වැරදිද මන්ද  -  මම ඉස්සෙල්ල ලිපියෙන් වෙච්චි පොරොන්දුව කඩකරන්නයි යන්නෙ. මම පොරොන්දු වුනු විදියට පුංචි කාලේ අපේ වීර කථා සහ ඒවයේ චරිත ගැන ලගදීම ලියන්නම්. හැබැයි ඉතින් මේ කථාන්දර බලන්න කලින් කියන්න පොඩි විස්තර ටිකක් තියෙනවා.

මට මතක කාලෙ ඒ කියන්නෙ 82 වෙන්ට ඇති අපේ ගෙදරට රූපවාහිනියක් ගෙනාව. කලු සුදු නැෂනල් පැනසොනික් අගල් 17 මොඩල් එකේ එකක්. ඒ කාලේ ගොඩක් අය මේකට කිව්වෙ ටැලිවිසොන් එක කියල. අපේ ආච්චි 2009  මැරෙන කම්ම භාවිතා කළේ ඒ නමමයි. මේ කාලෙ වෙනකොට අපේ මුලූ ගමටම තිබුනෙ මෙව්වයින් දෙකයි. පළවෙනි එක බැංකුවෙ ගුණදාස මාමාලයි ගෙදර දෙවැනි එක අපේ.

ඉතින් මේක ගෙනාපු දවසේ මං හිතන්නෙ 100කට කිට්ටු පිරිසක් අපේ ගෙදරට ආවා. දැන් ඉතින් මේක හයි කොරන එක තමා ඊලග කාරිය. එදා අපේ ගෙදර හිටපු තරං ඉන්ජිනේරුවො පිරිසක් රූපවාහිනී සංස්ථාවෙවත් හිටියෙ නැතිව ඇති. දැන් ඉතින් ටැලිවිසොම හයි කොලාට වැඩක්යැයි ඇන්ටනාවත් හයි කොරන්න එපාය. අපේ ගෙදර කන්ද මුදුනෙ තිබුන ඉඹුල් (කොට්ට පුලූන්) ගහක් මේක තමයි වැඩේට තෝරගත්තෙ. මං හිතන්නෙ ඒ ගහ මුදුනට පිදුරුතලාගල කන්ද පේනවද කොහේද කියලත් කවුද කියනව ඇහුන. (එතන තමා මාතරට පිදුරුතලාගල පෙනුනු එකම තැන).

ඔන්න ඉතින් ගමේ හිටපු හොදම පයිලට් තමා ඇන්ටනාව බදින්න ගහට නැග්ගෙ. සප් එකට ගහේ කදේ තව දෙතුන් දෙනෙක් හිටිය. දැන් ඇන්ටනාව බැදල කියල කාරිය ටෙලිවිසොම ටියුන් කරන වෙලාව. ඉතින් ගෙදර ඉදල මීටර් 200ක් විතර දුරින් තිබුන ඇන්ටනාව ලග රාජකාරියේ නියුතු තාක‍්ෂනික අංශයේ මහත්වරුන්ට ගෙදර සිටි ඉන්ජිනේරු පිරිස සමග තොරතුරු හුවමාරු කරගන්න (ඒ කාලෙ ජංගම දුක තිබුනෙ නැති හින්ද) තවත් හය හත් දෙනෙක් තැනින් තැන දාලා තිබුන. ඉතින් ගෙදර ඉන්න අය තියන දේ කටින් කටින් ගිහිල්ල තමා ගහ උඩට පනිවිඩේ යන්නෙ.

ඉතින් ඔන්න ඔය විදියට පැය කිහිපයක් ගත කරපු කස්ටිය යන්තං ටෙලිවිසොන් මහගෙදර කියන අයි ටී ඇන් එක (කට වහරට කිවුවෙ අයිටියන්) අල්ල ගත්ත. ඊට පස්සෙ ජාතික රූපවාහිනිය. එදා තමා අපේ ගමේ මිනිස්සු කුරුල්ලෙක් දැකල ඉස්සෙලම සතුටින් අත්පුඩි ගහපු දවස.

දැන් ඉතින් කස්ටිය හරි බරි ගැහිල නමෝ විත්තියෙන් මේක බලන්න සෙට් වෙන කොටම හුලගක් ඇවිල්ල ඇන්ටනාව හැරිල ආයිස් සූ සූ ගාන්න ගත්ත නොවැ. 

මේ පිරිස අතරෙ හිටිය අපේ පැන්ටිස් අයියා - මෑන් හිතට ආපු ආවේගෙට - එක පාරටම ගහ උඩ ඉන්න අයට කෑ ගහල සන්නිවේදය කලා තමන් දන්න සියලූම ටෙක්නිකල් ශබ්ද කෝෂය පෙරලලා,

"යකුනේ - ඇන්ටන් එක හැරිල ඩොට්ට වැටෙනවෝ - ඉක්කමනට ඕක මාලිම්බඩ පැත්තට හරවාපල්ලා."

එදා ඉදල පැන්ටිස් අයිය ජීවිතේට අද වෙනකන් ඇන්ටන් එක හැරිල ඩොට්ට නොවැටුනු දිනයක් ඇත්තෙම නෑ මං හිතන්නෙ.

ඇත්තටම ඊට පස්සෙ අපේ ගෙදරත් රූපවාහිනී මහ ගෙදරක් උනා.

ඒ කථාව සහ ගමට විදුලිය  - මීලග කොටසින් බලා පොරොත්තුවන්න......


පසුවදන - අපේ අක්කාට සහ හසරැල්ට මෙම එපිසෝඩ් එකේ මඩ නැත. පාඨකයෝ කමත්වා

22 comments:

  1. ඔය විදියට සන්නිවේදනය කරලා පණිවිඩෙ යත්දි පැ‍ය ගානක් යන්න ඇතිනෙ. අපරාදෙ අර යෝගට් කප් දෙකට නූල ගැටගහන ගැජට් එක තිබ්බෙ නැත්ද ඒ කාලෙ?.

    ReplyDelete
  2. වෙලාවක් තියේ නම් ඔය ලින්ක් එකෙන් ගිහින් පොඩ්ඩක් බලපන්.. ගොඩක් ගෙවල් වල තත්වේ ඕක තමයි..

    http://maathalan.blogspot.com/2013/06/history-of-television.html

    ReplyDelete
  3. http://maathalan.blogspot.com/2013/06/history-of-tvs-in-sl.html

    ReplyDelete
  4. Oya television ekath ekka tawa katha godak thiyanawa ne.....ewath liyanna..mata mada wadena ewath...thiyanawa..kamak na mama matak karannamko...

    ReplyDelete
  5. ඔය කතා හසරැල් දන්නෙ නැතුව ඇති මයෙ හිතේ,හොඳයි මෙව්ව කියන්න ඔබ ඉන්න එක,බොහොම රසයි දිගටම ලියන්න.හැබැයි කතාව පොඩ්ඩක් විතර දිග මදි.

    ReplyDelete
    Replies
    1. දිගට ලියන්න තමා ටිකක් මම හොර බලමු බලමු

      Delete
  6. අදටත් අපේ ඇන්ටන් එක හරියට නැතිනිසා ඩොට්ට වැටෙනවනේ...පැන්ටිස් අය්යා වැලිගම්පිටි ගියානේ

    ReplyDelete
  7. මෙන්න තවත් ටීවී කතාවක්, වෙලාවක් තිබුනොත් කියවලා බලන්න

    http://cyberyaya.blogspot.com/2013/02/blog-post.html

    ReplyDelete
  8. ඒ කාලේ ටීව් එකක් තියෙනවයි කැයන්නෙ දැං කාලේ 2014 මොඩල් එකේ රේන්ජ් රෝවර් එකක් ගෙදර තිබ්බ වගේ තමා... මඩ විදලම හරියන්නෑ.. මොකද මඩ ඉවර වෙනව නේ..

    ReplyDelete
    Replies
    1. මඩද? තාම පටන්ගත්තෙවත් නැහැ - හිටු

      Delete
  9. රහ නැති දිග මදි පෝස්ටුවකි

    ReplyDelete
  10. මෙ වෙනකොට මස වයස 5යි මැදෑ මෙච්චරවත් ලියන්න පුලුවන් වුනා.

    ReplyDelete
  11. එතකොට ඔය ටැලිවිසොං එකට ලයිසන් ගත්තෙ නැතෙයි.

    ReplyDelete
  12. හැම අවුරුද්දෙම ලයිසන් කරානෙවෑර්ලස් එකයි මේකයි දෙකම

    ReplyDelete
  13. දැන් මට හිතෙනවා අපේ ගමේත් වෙච්ච ටී.වී. සීන් ටික ලියලා දාන්න.

    ReplyDelete
  14. maru.lassanata liyala thiyenawa.bohomath asawen kiyewwa.digatama liyanna .mage suba pethum.

    ReplyDelete
  15. යකෝ අපිත් ගියා ගෙවල් වල ටීවී බලන්න ඒ කාලේ. පැදුරු එලලා. එක මුදලාලි කෙනෙකුගේ ගෙයක් තිබුනා රැට තේත් දෙනවා. ගෙවල් වලට ගිහිල්ලා බස්සන කේසුත් තිබුනානේ....ඇයි ලඟින් වාඩිවෙන සීන්.

    ReplyDelete
    Replies
    1. ඔය ටික තමා ඊලගට ලියන්න හිටියෙ දැන් ඉතින් කියපු හින්ද ලියනවද නැදිද කියල හිත හිත ඉනිනෙ

      Delete
    2. ලියන්න.....ලියන්න...

      Delete
  16. my best friend mom call to Tv,,huniyam pettiya,,,

    ReplyDelete