Tuesday, December 3, 2013

මාගේ සිහිනය බොද කොට ඔහු නික්ම ගියේය.........


හැත්තෑව දශකයේ දිනක සහෝදර සහෝදරියන් තිදෙනෙකු සිටි පවුලක දෙවැනියා ලෙස උපන් ඔහු, දුටු කිසිවෙකුත් ඔහු ලොව ජනතාව අතර ජනප්‍රිය පුද්ගයකු වනු ඇතැයි කිසිදිනෙක නොසිතන්නට ඇති. ළමා වියේදී ඉතා තරබාරු ශරීරයකට හිමිකම් කිවු ඔහු තරුණියන්ගේ හිත් ඇද බැද තබා ගත් කඩවසම් හොලිවුඩ් නලුවකු වනු ඇතැයි සිතූ කිසිවෙකු එවකට නොවීය. නමුත් දෛවය යනු එයයි.

පාසල් සමයේදී මිතුරන් අතර අවිහින්සකයකු ලෙස නම්දරා සිටි ඔහු, කිසිවිටෙකවත් තම සහෝදර සහෝදරයන් ඉදිරියේ අවිහිංසකයකු නොවීය. කුඩා කලදීම තම සොහොයුරිය සමග සටන් ශිල්ප ක්‍රම හැදෑරීමට ඉදිරිපත් වූ ඔහුට එම පුහුණුව පසු කලෙක තම අනාගත ගමන් මග තීරණය කරාවියැයි සිතන්නට නැත. තම පාසල් දිවිය අතරමගදී කෙලවර කර ගන්නා ඔහු කෙදිනකවත් විශ්ව විද්‍යාලයකට යාමට වරම් නොලද්දේය.තම වෘත්තීය දිවිය පරිගණක ශිල්පියකු ලෙස ආරම්භ කරන ඔහු තම රටේත් විදේශයන්හීදිත් සේවය කරමින් වසර කිහිපයක් ගෙවා දමයි.

තම සොහොයුරාගේ කාරයෙන් අධි වේගී වාහන ධාවනයට අත්පොත් තබන ඔහු. කීප වරකදීම මාරයාට ලංවීමට නොදී අධි වේගී ධාවනයන්හි යෙදීමට සමත්විය. ඔහුගේ මෙම කඩවසම් බව, දක‍්ෂතාවය, සුපිරි වීරත්වය දෙස පසෙක සිට බලා සිටි චරිතයන් කිහිපයක් විය.

නමුත් කල් ගතවී හෝ සුදුස්සාට සුදුසු තැන ලැඛෙන බව ඉතිහාසය අපට සාක‍ෂි දරයි. ක්‍රියාදාම චිත්‍රපට දහස් ගණනින් නිපදවූ හොලිවුඩ් ලෝකයේ වසර ගණනාවක් යන තුරුම, ඔහුට රගපාන්නට වූයේ ප්‍රේක්ෂයාගේ චරිතයයි. නමුත් කවදා හෝ දෛවය තමාට සාදාරණත්වය ඉටුකරනු ඇති බව ඔහු තරයේම විශ්වාස කළේය.

ඔහුගේ ජීවිතය වෙනස් කරන - ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් - චිත්‍රපට මාලාව ඇරඹෙන්නේ මෙවන් අවදියකයි. වින් ඩීසල් වැනි අග්‍රගන්‍ය නලූවකු සමග සම සමසේ චිත්‍රපටියක රගපෑම ඔහුට ඒ සමයේ හීනයක් විය. නමුත් සමහර සිහින යථාර්ථයන් බවට පත්වේ.

අවසානයේ ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍ර පට මාලාවේ අවසන් කොටස ඔහුට වාසනාව රෑගෙන එයි. චිත්‍රපටය රූ ගත කිරීම අවසාන වීමට පෙර අවසනාවන්ත අන්දමින් එහි ප්‍රධාන චරිතයක් රගපෑ පෝල් වෝල්කර් රිය අනතුරකින් මියයාම නිසා, ඔහුට මෙම චිත්‍රපටයේ රංගනයට ආරාධනාවක් ලැඛෙයි. කලක් තිස්සෙ ඔහු දෙස අවධානයෙන් බලා සිටි ප්‍රවීන අධ්‍යක‍ෂක ජස්ටින් ලීන් - පොල් වෝලකර්ගේ අඩුපාඩුව මකා දැමීමට සුදුසු පුද්ගලයා ඔහු බවට තීරණය කරයි.


. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .


ඉහතින් දැක්වෙන්නෙ ලබන මස හොලිවුඩ් ලයිෆ් මැගසීනයේ මා ගැන පලවීමට පිලියෙල කෙරුණු ලිපියේ සාරාංශ පිටපතයි. 

හදිසියේ සිදුවූ පොල් වෝල්කර් මහතාගේ සංවේගජනක නික්මයාමෙන් වික්ෂිප්ත භාවයට පත්වූ ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් කණ්ඩායමේ ඉල්ලීම අහක දැමීමට නොහැකිවූ නිසා වෙනුත්, ඩ්වේන් ජොන්සන් නමැති තඩියා - තෝ නාවොත් උස්සල පොලෙවෙ ගහනවායයි තර්ජනය කරපු බැවිනුත් අවසානයේ මෙම චරිතය භාර ගැනීමට සිදුවිය.

දැන් ඉතින් වෙන කුමක් කරන්නද? - මම සියලූ ලට්ටා පට්ට පොදි බැදගෙන යූඒඑස් බලා නැව් නැග්ගෙමි. පැය කිහිපයක ගමනකින් පසුව ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ගුවන් තොටට සේන්දු වූවා පමණි, මගේ ජංගමය නද දෙන්නට විය. අමතන්නේ  වෙන කවුරුවත් නොව අපේ අධ්‍යක‍ෂක තුමා ජස්ටින් ලී ය.

මචෝ මම මේ ලී .. ඔවු බං ජස්ටිය තමා... පොඩි අවුලක් සහෝ ඒකයි උඹ මෙහෙට එන්න කලින්ම කියන්න කියල හිතුනෙ. අපේ ප්‍රොඩියුසර් කාරය මේ ෆිල්ම් එක ගොඩදාගන්න කියල ඉන්දියාවේ බොලිවුඩ් වල පොරක්ව ඉම්පෝර්ට් කරල උගේ චීප් ඇඩ්වයිසර් විදියට. ඔවු ඔවු අර මොකක්ද එහේ හෙන ප්‍රසිද්ධ ටෙලියක නලූ නිලියො මැරෙන කොටයි, ටෙලිය දාලා යනකොටයි, ස්කිරිප්ට් එක වෙනස් කරල ගොඩ දාලා දුන්නෙ මූලූ. 

මූ අපේ පෝල් මලයත් පළවෙනි දෙවෙනි සීන් එකේදිම ඇක්සිඩන්ඩ් වෙන්න සෙට් කරල. හැබැයි මූ මැරෙන්නෙ නැහැ, ප්ලාස්ටික් සර්ජරියක් කරල මූන වෙනස් කරනව. ආයිත් දිගටම ඌ වෙනුවට වෙනින් එකෙක් රගපානව.

හරි හරි උඹ කලබල වෙන්න එපා. 

මම උඹ ගෙන්නුවෙ පොල් වෝල්කර් වෙනුවට තමයි. මොකද උඹට තියෙන්නෙ උගේම පෙනුම හින්ද මම හිතුවෙ උඹව දාලා ඉතිරි ටික ඇදගෙන යන්න. කොහේද මේ කරුමක්කාර ඉන්දියන් කාරයෙක් පැන්නනෙ ඒකටත්. දැන් ඌ කියනව ප්ලාස්ටික් සර්ජරිය කරාම වෙනස්ම වෙනස් මූනක් එන හින්ද කෝනර් ගේ චරිතෙට වෙනින් එකෙක් ගමු කියල.

හැබැයි ඉන්දියන් කාරය හොද එකා බං. ඌ අල්ලපු රටේ හින්දද දන්නෙ නෑ උඹ ගැන මාර වොරී.

ඌ කියනව වරදිලාවත් ඩ්වේන් ජොනසන් මැරුණොත් ඒ චරිතෙ උඹට දෙමු කියල, මොකද? . . . . . . . . . . . . . . . . .උඹේ ඇගත් උගේ වගේම හින්ද.


. . . . . . . . . . . . . . . . . . . . .

පෝල් වෝල්කර් මියයාම නිසා ලොව සුවහසක් ජනතාව ශෝක වෙද්දී සතුටුවූ එකම පුද්ගලයා මම වෙමි. නමුත් ඒ සතුට ඉතාම කෙටිකලකින් අවසන් විය.


ඩ්වෙන් ජොන්සන් කූරියා ගසන තුරු ඇගිලි ගනිමින් සිටිමි.

15 comments:

  1. Ude paandarama Johnson newey maay thawa tiken marenne husma hirawela...hinawela wadikamata......

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. හිනා වෙන්න බෑ බං... මාත් ආසම ෆිල්ම් සීරීස් එකක් ඕක... තාම 6 වෙනි එක බැලුවෙත් නෑ..

    අනිත් එක ඔය දහජරා හින්දි මෙගා වල වගේ ඇමනීෂියා එන්නයි, කෝමා වලට යන්නයි, මූණු වෙනස් වෙන්නයි තරං හොලිවුඩි වැටිලා නෑ තාම...

    ඩ්වේන් ජොන්සන්ගෙ චරිතෙට නං මෙයා හරියනවා තමයි.. මොනා නැතත් අර හිනාව නං තියෙනව කියල මට පේනව.. හි හි...

    ReplyDelete
    Replies
    1. Congratulations! ඔයා තමයි මගේ හොලිවුඩ් ජීවිතේ ප්‍රථම රසිකාවිය

      Delete
  4. කෙනෙක්ගේ මරණෙකට හිනාවෙන එච්චර හොඳ නෑ... ඒත් ඉතිං උඹේ බ්ලොගේ නමත් එක්ක බැලුවහම මොකුත් කියන්නත් බෑ.... satirical jokes කියලා ජාතියකුත් තියනවනේ.

    ReplyDelete
    Replies
    1. මෙකෙ කොහෙද මරණෙකට හිනාවෙලා තියෙන්නෙ - හිනා වෙන්නෙ අපි අපිටම විතරයි

      Delete
  5. හිනා වෙන්න නම් බෑ අප්පා මේකට... හිනාත් යනවා ඉතින්

    ReplyDelete
  6. මටත් කොයි වෙලාවේ එන්න කියයිද දන්නේ නෑ....Morgan Freeman නුත් දැන් කොයි වෙලාවද කියලා කියන්න බෑනේ..

    ReplyDelete
  7. ඩ්වේන් ජොන්සන් කූරිය ගහපු දාට ඒකටත් වෙන සුකුරුත්තමක් දායි,බලාගෙන හිටපු එකාට හුළං

    ReplyDelete
  8. කතා කර පලක් නැත.... අපේ රටේ මිනිසුන් ගැන ....

    ReplyDelete
  9. එහෙනං මෙදා සයිබර් පාටියට හොලිවුඩ් පොරකුත් එක්වෙයි නේ. කෙල්ලන්ගෙන් බේරගන්න හසරැල්ලව වත් ළගින් තියාගන්න.

    ReplyDelete
    Replies
    1. මට එන්න වෙන්නෙ නැහැ- මම ලංකාවට එන්නෙ ජනවාරි වල

      Delete
  10. මම මෙ ඒත කල්පනාකලා පෝල් මලය වගෙ පොරක් දැක්ක වගෙ මතකයි කියල.අම්මද බොල මෙයා නෙ

    ReplyDelete
  11. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    පැලැස්ස බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්

    ReplyDelete