Friday, October 18, 2013

හරි වැරදි

මේව කියන එකත් හරිද මන්ද. මට නං එපා වෙලා අප්පා තියෙන්නෙ මේ නිවාඩු කියන එව්ව. හරි හරි මම වැරදි වෙන්න පුලූවන්. ඒත් මොකක් හරි වැරැද්දක් නිසා මම දැන් ඉන්නෙ ලෝකෙ වැඩියෙන්ම නිවාඩු තියෙන රටේ.

ඒ කියන්නෙ ලංකාවෙ නෙවෙයි. ගොඩක් අය හිතාන හිටියට ලංකාව ලෝකෙ වැඩියෙන්ම නිවාඩු කියෙන රට කියල, ඒක වැරදි යි. මේ නේපාලෙ. කැලැන්ඩරේ දිහා බලාපුවාම නිවාඩු අස්සෙන් වැඩ කරන දවස් ටික යන්තම් හොයා ගන්න පුලූවන්.

ඇත්තටම මේ දවස් ගෙවාගන්න එක හරි ම අමාරුයි. ඉතින් සුපුරුදු පරිදි හරි යන්න හරි වැරදෙන්න කියල හරි මගේ හෙල්ප් ඩෙස්ක් එකට පොඩි වැට් එකක් දාලා බැලූව. මේක ඩෙස්ක් එකක් කිව්වට බංකුවක් නෙවි. අපේ අක්කන්ඩි. එයා තමා මාව එන්කරේජ් ද මොකක්ද කලේ බොලොග් එකක් කොටාපන් කියලා.

ඊට කලින් අපේ මලයගේ හසරැල්ලක් බොලොග් එකේ රසිකයෙක් වෙලා හිටපු මටත් පොඩි පොඩි දේවල් ලියන්න අදහසක් පහළ වෙළා තිබුණනං තමා. ඒත් ලියන්න කියන්න තියෙන මගේ දැණුම ගැන තියෙන් හීනමානය හින්දම ඒක කල් ගියා.

ඕන කෙලියන් හරියන්න හරි  වැරදෙන්න හරි අදනම් මේක පටන් ගන්නව කියල තමා වාඩි උනේ.

ළමයි හදන්න ලේසියි (මේ කථාව පස්සෙ කියන්නම්) නම් දාන්නනෙ අමාරු කියනවනේ. ඒ වගේ තමා හිතට නම් කීයක් ආවත් ඒවට මේවෙනකොට කස්ටිය අයිතිවාසිකම් කියල ඉවරයි.

ඔන්න අන්තිමේදි ඝණ පිහිටුවල කාරිය නමක් දැම්ම - හරි වැරදි - කියල. මේකෙ තේරුම මේ බොලොග් එක ඉස්සරහට කියවන කොට තේරෙයි.

එහෙනං අදට එච්චරයි.

හරිද මන්ද?

8 comments:

  1. කෝ ඉතින් මම මේකට දාපු කමෙන්ට් එක මිසිංනේ.

    ReplyDelete
    Replies
    1. හරි, ඒ කමෙන්ට් එක අල්ලලා දාමු. මම කිව්වේ පටං ගත්ත ගැම්මෙන්ම ඔහොමම ලියාගෙන යමු කියලා. ජයවේවා. එක පවුලේ සහෝදර සහෝදරියෝ තුන් දෙනෙක් එකම බ්ලොග් අවකාසේ හමුවෙන දුර්ලභ අවස්තාවක්.

      Delete
  2. හරියන්න හරි වරදින්න හරි ඉස්සරහට ලියාගෙන යං.
    කෝ මේකට ෆලෝ කරන ගැජට් එක දාල ‍නෑනෙ.

    අනික වෙරිෆිකේෂන් අයින් කළොත් හොඳයි ව‍ගේ.

    ReplyDelete
  3. හරිද වැරදිද කියල බලන්න මොනවාහරි ලියනවකෝ....

    ReplyDelete
  4. මල්ලිටයි අක්කටයි නම් වැරදිලානැ.ඔයාටත් එහම වෙයි.ලියමු දිගටම

    ReplyDelete
  5. අපිත් ආවා ලියමු බලාන්ට........

    ReplyDelete
  6. Deyyangema pihitay...ohoma yan..ohoma yan...

    ReplyDelete
  7. ලංකාවේ කැලැන්ඩරේ හොඳයි ටිකක්.. මොකද වැඩිහරියක් නිවාඩු තිබ්බ‌ට ඒවා බලපාන්නෙ රජයේ ආයතන වලට විතරයිනේ.. ප්‍රයිවට් සෙක්ටර් එකේ ගොඩක් කම්පැණි ආසාවටවත් මර්කන්ටයිල් හොලිඩේ දාලා නැත්තං නිවාඩු දෙන්නේ නෑ නේ... හි හි.... ආණ්ඩුවෙ තැන් වලට නං නිවාඩු දුන්නට කමක් නෑ .. වැඩ කරන දවසෙනුත් බාගෙකට වැඩිය නිවාඩු පාඩුවෙ තමයි එයාලා ඉන්නෙ... හි හි

    ඔන්න එහෙනං මාත් ආව....

    ReplyDelete