කොහොමින් කොහොම හරි
ආයිත් ඉස්කෝලෙ යන්නම උනා. අම්මගෙන් ලැඛෙන ආදරණීය පහරවල් මතක් වෙනකොට ඉස්කොලෙ ගියා
නෙවෙයි යැවුන.
හැබැයි ඉතින් මොකක්
හරි අල්ලල යන්න නං හේතුවක් තියෙන්නත් ඕනනේ. ඔය වෙනකොට මට ඉස්කෝලෙ යන්න හිතෙන හේතු
කිහිපයක්ම තිබුන.
එකක් තමයි ඉස්කෝලෙදි
සෙල්ලම් කරන්න ලැබීම - ඊට කලින්
සෙල්ලම් කියල කරල තිබුනෙ අපෙ අක්කගෙ සෙල්ලම් ගෙදර මිනිහ වෙන එකයි, එයාට කඩේ යන එකයි, එහෙමත් නැත්තම් එයා උගන්නන කොට ගොලය වෙන එකයි වගේ දේවල්.
පොඩි කාලේ ඉදල අපේ අක්කට තිබුණ මානසික ආතතිය හින්ද දොස්තරල තියල තිබුන එයාගෙ හිත
නරක් කරන්න එපාය කියල. ඒ හින්දම ඉතින් මමත් අකමැත්තෙන් උනත් ඒවාට සප් එක දුන්න.
ඉතින් අලූත් යාලූවොත් එක්ක අලූත් සෙල්ලම් කරන්න ලැබීම ඇත්තටම අල්ලල ගියා.
දෙවෙනි එක තමා පාසල්
දිවා ආහාර වේල - ඒ කාලෙ ඇත්තටම අපිට ලැබුනෙ කප් එකක් පුරවපු කිරිම කිරි රස පොඩි
බිස්කට් වර්ගයක්. දැන් මේ බොලොග් අටවන් ඉන්න හතලිහ පැනපු තරුන ගැටවු ගැටිස්සියොනම්
ඒවයෙ රස විදල ඇති. සමහරුනං ඔය බිස්කට් වලින් සීට්ටු දැම්ම. තවත් සමහරු ටිකක් කාල
ටිකක් ගෙදර ඉන්න නංගිට මල්ලිට ගෙනිච්ච. මට ඉතින් එහෙම අවුලක් තිබුනෙත් නැහැනෙ.
අක්කට ඉස්කෝලෙන් ලැබුන. ඒ කාලෙ හසරැල් අපේ දෙමව්පියන්ගෙ පවුල් සැලසුම් ප්රතිපත්තිය
නිසා වෙයිටින් ලිස්ට් එකේ හිටිය කාලෙ. ඉතින් මම ලැඛෙන සුනංගුවෙන් ඒක බොක්කටම බස්සනව.
ඒ කෝප්පෙ කාල ඉවර වෙන
කොටම මට තවත් කෑම වේලක් ලැබුන. ඒ තමයි අම්මලාගේ ගුරු විවේකාගාරයෙන් ගුරුවරුන්ට දෙන
දිවා ආහාරය. දැන් දවල්ට කෑම වේල් ඉස්කෝලෙන් 2යි ගෙදරින් 1යි ඔක්කොම තුනයි.
තුන්වෙනි කාරනේ තමයි
(ඇත්තටම ඉස්කෝලෙ යන්න හේතුව මේක තමයි) - උදේ පාන්දරම ගෙදරට ලස්සන කෙල්ලෙක් ඇවිත්
අතින් අල්ලගෙන ඉස්කෝලෙටම එක්කන් යනවනං නොයා ඉන්න මෝඩ මීහරකෙක් ඉන්නවද? මම ඉතින්
සිකුර කිහිල්ලෙ ගහගෙන ඉපදිච්චි එකා වෙච්චි. මම තමයි ඒ කාලේ කෙල්ලෙක් හොදම යාලූව
වෙච්චි එකම කොල්ල. ඒ යාලූකම පස්සෙ කාලෙකදි ටිකක් දුරදිග ගියත් මම හිතන්නෙ මගේ
ජීවිතේ මම යෙහෙලියක් කියල ආශ්රය කරපු එකම කෙනා එයා විතරයි. (දුරදිය ගිය විස්තර
පසුවට - පවුල් ජීවිතේ අවුල් යාවිද දන්නෙත් නැහැ මේව ලියන්න ගිහිල්ල.....)
මෙව්ව කියන එකත් හරිද
වැරදිද මන්ද?
අදට මේ ඇති
- පුංචි කාලෙ අපේ
වීරයන් වෙච්චි රොබින් හුඩ්/ටාසන්/ සහ මංකි සමගින් හමුවෙමු
නියමයි නියමයි.. ඊළග කතාවත් ලියමුකෝ බලන්න..
ReplyDeleteඔන්න හැමොගෙම බලාපොරොත්තු ඉහල ඉටු කරමින් පටන් අරන් තියෙනව ( මඩ මඩ ).එල නියමයි
ReplyDeleteහය හතර
මාව මරලා දාපල්ලා....හිකිස්...
Deleteකලින් එකත් කියෙව්වා.. මේකත් කියෙව්වා.. හසරැල් වගේම තෝත් හොඳ මනමාලයෙක් බව පේනවා.. උඹට විතරක් නෙමෙයි මටත් උන්නා කෑල්ලක්.. ඒක නම් දුර දිග ගියේ නෑ.. අපේ චරිතේ හොඳ නිසා.. උන්ගේ ගෙදරට ගියපු ගමන් ගෙදර ඔක්කෝම සාලෙට එනවා.. අනික අයියලා හතර දෙනෙකුත් උන්නා.. ඒ කරලත් සෙට් උනයි කියමුකෝ.. කොහොමෙයි ඒකී සහේට ගන්නේ.. ජම්බු ගහෙන් වැටුනයින් පස්සෙ අඩි 6 ක් වෙනකන් උස ගියා.. මට බාල්දියකුත් අරගෙන තමයි වැඩේට යන්න වෙන්නේ..
ReplyDeleteඇති අතක් පයක් නොකැඩි ඛෙරුණා
Deleteහහ්... හිතං ඇති මෙයාට විතරයි එහෙම හිටියෙ කියල.. මටත් ඔය කාලේ හිටිය හොඳම යාලුවා කොල්ලෙක් තමයි... අපේ තාත්තයි උන්දැගෙ තාත්තයි හොඳ යාලුවො... පස්සෙ උන්දැගෙ තාත්ත මට ඒකව ජෝඩු කරන්නත් ආවා.. හොඳ වෙලාවට මං හැරිච්ච පැත්තට බැහ් කිව්ව... හි හි... ( අපේ මහත්තයගේ වාසනාවද අවාසනාවද මන්දා උන්දැ ඒ වෙනකොටත් මගෙන් යාලුවෙන්න අහලා තිබ්බ... හි හි... )
ReplyDeleteඇයි අපේ මලයට.. අහල පහල හිටපු ඔක්කොම කෙල්ලො මේකව හොයන් එන හැටියට ඉතිං අපි ඇති වෙන්න හිනා වෙනව ඉස්සර.. දවසක් මගුල් ගෙදරක යන්න ගිහින් මෙයා බාත්රෑම් එකට රිංගලා ඇහිබැම බාගෙට කපාගෙන.. කෙල්ලො කරනවා වගේ ඇහිබැම හදන්න ගිහින්... ඔව් ඔව්.. මේ දෙක වසරෙදි විතර... හි හි... පස්සෙ මඟුල් ගෙදර එක්කන් ගියෙ ඇහැබැම ඇදලා... මාසයක් විතර හිටිය අර ඇල්ටේෂන් වල් ටේෂන්ලගේ වගේ ඇහැ උඩ පොඩි පැච් එකක් තියාගෙන... ඇහිබැමින් බාගයක් විතරයිනේ ඉතුර වෙලා තිබ්බෙ... හි හි...
පව් නේද මහත්තය - කරුමෙ කියන එක පලදෙනවමයි වලක්වන්න බැහැනෙ
Deleteනෑ නෑ අවුලක් නෑ ලියමු ලියමු දිගට ම.
ReplyDeleteඔහේ මෙච්චර කල් මක්කටෙයි එන්න පරක්කු උනේ... ඔන්න ඉතිං දැං එනවා දිගටම. කලින් එක බලල සද්ද නැතිව ගියාට මේ වගේ සීන් දැක්කම මුකුත් නොකිය යන්නේ කොහොමෙයි මං හාන්නේ...
ReplyDeleteඅනේ හපොයි පොඩි කාලෙ ඉදන්ම සිකුරා අතේ තියන් උපන් තවත් කුමරෙක්. (මං හිතුවා අපි විතරයි එහෙ කියලා). ;-)
ReplyDeleteඅපේ අම්මත් කියලා තියෙනවා ඉස්කෝලෙන් බිස්කට් දුන්න කතාව ,, මාතලන් අයියා දීලා තියෙන්නේ සප් එක, දිගටම ලියාගෙන යන් අපි එන්නම්
ReplyDeleteඅපේ ඉස්කොලේ උපන්දිනේ දවසට විතරක් අපිට (මුළු ඉස්කොලේටම) ෆැබ් එකේ චොකලට් කේකුයි මයිලෝ කප් එහෙකුයි චොකලට් එහෙකුයි ලැබෙනවා. එච්චරම තමයි ඉතින්. හික් හික්..
ReplyDeleteරහට කියෙවුවා.. දිගටම ලියන්න.. සුබ පතනවා.. මාතලන්ගෙ පණිවුඩෙන් තමයි ආවෙ..
ReplyDeleteහතලිහ පැනපු ගැටයො නොවුනට අපිත් ඔය විස්කෝතු කාල තියෙනව පොඩි කාලෙ.
ReplyDeleteපොඩිකාලෙ කෙල්ලෙක් අතිං අල්ලගෙන යන එකා මීහරකෙක් වෙන්නෙ ලොකු වෙලත් ඒ වැඩේ කරන්න ගියොත් තමයි. (විහිළුවට හොඳේ)
අපේ ගොන් කං තාම ගියේ නෑ. යන්නෙත් නෑ මැරෙනකං.
Deleteහස රැල් නං අපේ හිතවතානෙ,අයියත් ලියිනේ හොඳ හොඳ කතා අපි එන්නං කියවන්න
ReplyDelete// ඒ කාලෙ ඇත්තටම අපිට ලැබුනෙ කප් එකක් පුරවපු කිරිම කිරි රස පොඩි බිස්කට් වර්ගයක්.//
ReplyDeleteඅර සිමෙන්ති කොට්ට වගේ ලොකු බෑග්වල නේද ඒව ආවෙ.ඇ.දි.හැ.ස කියල බෑග් වල ගහල තිබුන මතකයි.
ඇ.දි.හැ.ස කෙටි කරලා තිබ්බේ මොකක්ද එදිරියෝ
ReplyDeleteඇත්තටම කොලපාට එකෝ ඒ බිස්කට් තරං රහ බිස්කට් ජාතියක් මම තවම කාලා නැ , බිස්කට් හයක්ද හතක්ද දුන්නා නේද , ( ගෙනත් බෙදන එකාට දෙගුණයක් දුන්නා ) , ඔය බිස්කට් එක සයිස් දෙකකින් තිබ්බා වාගේ මතකයි , එහෙම මතකයක් කාට හරි තියනවද , අඩෝ අපිට තාම හතලිහක් නැ , ( උඹටයි අක්කටයිඑහෙම උනාට )
ඔය කියන විදියට බිස්කට් දෙවර්ගයම කෑවනං හතලිහ පැනල ෂුවර්. හතලියට අඩු අය කාල තියෙන්නෙ කප් එකක් පුරවල දුන්න සිමෙන්ති බෑග් එකේ ආපු පොඩි සඩශ්ර ටයිප් එක.
Deleteහප්පේ ඒකාලේ බිස්කට් බෙදන්ට යන්නේ පැනලා...ගියාම වැඩියෙනුත් හම්බවෙනවනේ... පස්සේ පස්සේ එපා උනා... ඉස්කෝලේ බල්ලොත් කන්නේ නෑ...:-)
Deleteඇ.දි.හැ.ස = ඇමරිකන් දීමනා හැමට සමසේ
ඉංග්රීසියෙන් කියන්නේ CARE = 'Cooperative for Assistance and Relief 'Everywhere
මාතලන්ගේ සිංඩියෙන් දැන ගත්තෙ , අපේ පුංචි කාළයත් මතක් වුනා ....ඇදිහැස බිස්කට් සීට්ටු ගැන කියත්දි..
ReplyDeleteසුන්දර සටහනක් , සුබ පැතුම් නිර්මාණශීලී දිගු ගමනකට .
හලිට.....කියාගෙන ආපු කෙල්ල නේද ඒ...ඕකේ හොඳම මඩ ටික තියෙන්නේ මගේ ළඟ..ඒ වුනාට මගේ වර්තමාන නෑනට මම ඔයාට තරම්ම ආදරේ නිසා....මඩ ගහන්නේ නැහැ....කොහොමින් කොහොම වුනත් අපේ මලයා කාපු කෑම වේල් ගානේ හැටියට ශරීරයත් තිබුනා..ඕන නම් මගේ langa ෆොටෝ ත් තියනවා..එකක් එවන්නෙයි...
ReplyDeleteayyage kata tika maru
ReplyDeleteඉන්ටරෙස්ටිං වගේ කියුවා ....
ReplyDeleteඅහා ෆට්ට ලිවිල්ක් නේ එල එල දිගටම ලියන්න
ReplyDeleteHi haritha ayya..
ReplyDelete