ඔන්න දැන් ඉතින් අපිත්
රූපවාහිනී යන්ත්‍රයක හිමිකරුවො. ඒ කාලේ ගෙදරක රූපවාහිනියක් තියෙනවයි කියන්නෙ දැන්
කාලේ ලැම්බොගිනියක් තියෙනව වගේ තමයි. හැබැයි අපේ ගම්වල මිනිස්සු කවදාවත් ගෙදර
රූපවාහිනිය හංගගෙන බලන්න තරම් කුහක වුනේ නැහැ. තමන් අමාරුවෙන් හම්බ කරගත් මුදලින්
ගෙනාපු යන්තරේ තමන් බැලූවත් නැතත් ගමේ මිනිස්සුන් වෙනුවෙන් හැම තිස්සෙම වැඩ කලා.
ඉතින් මේ කාලෙ අපේ
ගෙදර තත්ත්වයත් පුදුම විදියට වෙනස් වුනා. වෙනද ගෙදර හිටිය පස් හය දෙනා වෙනුවට රෑට
ගෙදර 30-40 විතර පිරෙන්න ගත්ත. මේ හින්දම ටී වී එක වැඩිකලක් නොගිහින්ම ගෙදර වැඩිය
ඉඩකඩ තිබුනු ඉස්තෝප්පුවට ගෙන එන්න බලධාරීන් කටයුතු කළා. හැබැයි දර්ශන වාරය ඉවර
වුනු ගමන්ම නැවතත් ගෙදර සාලයේ විශේෂ තැනක ඒක තබන්නත්, වටිනා රෙදි කැබැල්ලකින් ආවරනය කරල තියන්නත් කටයුතු
සලස්වලයි තිබුනෙ. ඒ වෙන මොක නිසාවත් නෙවෙයි ගෙදරට එන අමුත්තන්ට පේන්න සලස්වන්න ඕන
නිසයි.
මට මතක විදියට ඒ කාලෙ
ඉතින් වැඩේ පන් ගත්තෙ හවස 6-7 විතර ඇති. මේ වෙලාව ලං වෙනකොට ගෙදරට එකා දෙන්න
පිරෙන්න ගන්නව. හොද ප්ලේස් එකක් අල්ලගන්න ඕන අය කලින්ම ඇවිල්ල වැඩේට සෙට් වෙනව.
වැඩේ කියන්නෙ අපේ ගෙදර බැල්කනි පහසු කමුත් තිබුන. (අපේ අක්කා රිංගීමට ඉඩ ඇති නිසා
බොක්ස් පහසුකම් අත්හිටුවා තිබිනි) බැල්කනිය කියන්නෙ ගෙදර තිබුනු වැල් ඇද. අනිත් අය
පැදුරු දාල බිම ඉදගන්න හින්ද වැල් ඇදේ ඉදගත්තම සැප පහසුව වගේම ඉදිරිපස දර්ශනයත්
බැල්කනියක ආකාරයෙන්ම ලැබුන. ඔන්න ඔය හින්දම මේ බැල්කනිය අයිති කරගන්න ඉතා දැඩි
අරගලයක් දිනපතාම ඇතිවුනා. මේකෙ අනිවාර්ය අයිතිකාරයො වෙච්චි අපේ නැන්දගෙ පුතාල
දෙන්න හැරුනුකොට මටත් ආසන ගැන ලොකු ප්‍රශ්නයක් ඇති වුනේ නැහැ. නමුත් අනිත් කොල්ලො
ටික අතරෙ මේ සම්බන්ධයෙන් තිබුනෙ විශාල අරගයක්. මේක අපේ ගෙදරින් පිටදිත් ඔලූ
පලාගන්නා තරමට දුරදිග ගිය අවස්ථාවලූත් ඕන තරම් තිබුන.
මධු රසාංග සහ නන්දන
වින්දන තමා ඒ කාලේ තිබුණු වැඩ සටහන් අතරින්
වලට විශාල ජනතා ප්‍රසාදයක්
හිමිවුනු වැඩ සටහන් වුනේ. එදාටනම් ගෙදර ඉඩක් කඩක් හොයාගන්න බැරි තරමට සෙනග පිරුන.
ඒ වගේම තමයි චිත්‍රපටියක් තිබුනු දවස්වලත්. ඉතින් මේ ගෙදරට එන පිරිස හින්ද අපේ
ගෙදරත් පොඩි පොඩි වෙනස් කම් සිදුවෙමින් තිබුන.
ගෙදර ගමේම මිනිස්සු
පිරිල ඉදිද්දි අපිට කෑම ගැනීමත් ලොකු ප්‍රශ්නයක් වුනා. ඒ හින්දම අපි වේලාසනින්
රාත්‍රී ආහාර වෙල ගන්න පුරුදු වුනා. අදටත් අපේ ගෙදර රෑ හත වෙන කොට කාල බීල ඉවර
වෙන්නෙ ඒ පුරුද්ද හින්දයි කියලයි මට හිතෙන්නෙ. හැබැයි මේ ගෙදරට එන මිනිස්සුන්ට
කවදාවත් තේ කෝප්පයක් වැරදුනේ නැහැ. චිත්‍රපටියක් තියෙන දවසට කන්න ඛෙන්නත් මොනව හරි
අනිවාර්යයෙන්ම ලැබුන.
මේ කාලෙ අපේ ගමට
විදුලි බලය තිබුනෙ නැති නිසා ටී වී එක බැලූවෙ කාර් බැටරියකින්. ගෙදරත් ටියුබ්
ලයිට් දෙකක් පත්තු වුනා තවත් බැටරියකින්. ඉතින් මේ බැටරිය සාමාන්‍යයෙන් සතියකට
සැරයක් විතර රී චාර්ජ් කරන්න ඕන. බැටරිය බහිනව කියල දැනගන්නෙ ටී වී එකේ තිරේ
දෙපැත්තනේ හීනියට කලූපාට ඉරි දෙකක් මෝදු වෙනකොටයි. මේ වෙනකොට ගමේ බැටරි චාර්ජ් කලේ
චන්ද්‍ර අයියලයි ගෙදර. හැබැයි බැටරිය උස්සගෙන එහාට යන්න අපිට ලොකු ප්‍රශ්නයක් වුනේ
නැහැ. මොකද බැටරිය උස්සගෙන යන්න සැදී පැහැදී සිටපු විශාල රසික ජනතාවක් මේ වන විට
අපි වටේ එකතු වෙලා හිටපු නිසා. අපේ තාත්තට තිබුනෙ ඒකට යන ගාන ගෙවන්න විතරයි.
ඉතින් ඔන්න ඔහොම
කාලයක් ගෙවී ගෙන යනකොට ගමට අලූතින් ටී වී එක දෙක එන්න පටන් ගත්ත. විශේෂයෙන්ම රටින්
එහා මැද පෙරදිග වැඩ කරපු අය නැවත ලන්කාවට එද්දි විශේෂයෙන්ම රූපවාහිනී යන්ත්‍රයක්
ගෙන එන්න පුරුදු වුනා. ඒවා ප්‍රමාණයෙන් විශාල වුනා වගේම පාට පාටිනුත් හැඩ වුනා.
පාට පාටින් හැඩ වුනා කිව්වෙ ඒවා වර්ණ රූපවාහිනී. ඉතින් ගමේ ටී වී වැඩි වෙන්න වැඩි
වෙන්න අපේ ගෙදරට එන සංඛ්‍යාවත් ක්‍රම ක්‍රමයෙන් අඩු වෙන්න ගත්ත. ඒ කියන්නෙ ඔවුන්
තමන්ගෙ ගෙදරට ආසන්නම ස්ථානයට යන්න පටන් ගත්ත. ඒ වගේමයි වර්ණ රූපවාහිනී තිබුනු
තැන්වලට ඉල්ලූම වැඩිවුනා. අපේ නැන්දලගෙ පුතාලත් හොර හොරාට වෙනින් ගෙවල්වලට යන්න පටන්
ගත්ත. මේක මුලින් දවස් වල මට
හරිම හිතේ අමාරුවක් වුනා. ගමට අලූතෙන් ටී වී එකක් ආව කියල දැනගත්තම පොඩි
ඉරිසියාවක් වගේ එකක් හිතට දැනුනෙ නැත්තෙමත් නැහැ.හැබැයි ඒකෙ හොදම දේ තමයි
රූපවාහිනිය අපිට ඕන විදියට අපේ විදියට බලන්න ඉඩ කඩ ලැබීම.
ගමට වර්ණ රූපවාහිනී
සම්ප්‍රාප්ත වීම කලූ සුදු රූපවාහිනී තිබුනු අයගෙ හිතවල පොඩි හිතේ අමාරුවක් ඇති
කරන්න සමත් වුනා කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි. හැබැයි මේ කාලෙම කලූ සුදු රූපවාහිනි
වල තිරයට ඉදිරියෙන් හයි කරන්න වර්න ගන්වපු එක්ස් රේ කොල වගේ වර්ගයක් වෙලද පොලට ආව.
ඒ වයින් එකක් ඉදිරියෙන් හයි කරාම ලා කහ පාට, කොල පාට හෝ රතු පාට පෙනුමක් රූප වලට ලැබුන.
ඔහොම කාලය ගතවෙද්දි
එකදහස් නවසිය අසූ හතර දි විතර මන් හිතන්නෙ අපිට අපේ ජීවිත කාලෙ අහන්න ලැබුනු හොදම
පනිවුඩ වලින් එකක් අහන්න වාසනාව ලැබුන. ඒ තමයි ගමට විදුලිය ලැඛෙන්න යනවයි කියන
කාරනේ. මේ ආරංච්යත් එක්ක ගමේ මිනිස්සුන්ගෙ මූනු එළිය වැටෙන්න ගත්ත. හැබැයි මීට
කලින් විදුලි එලියක් ගැන ලොකු අත්දැකීම් නොතිබුනු අපිට ඒක ඒ තරම්ම තේරුනේ නැහැ.
වැඩි කාලයක් නොගිහින්
ගමට විදුලිය ලබා දෙන්න කණු හිටුවල කම්බි අදින්න පටන් ගත්ත. ඒ දවස්වල කනු ඉන්දන්න
ගමට ආපු කණු උස්සන දොඹකරය බලන්න අපිට තිබුනෙ පුදුම ආසාවක්. ඒ වෙන මොන නිසාවත් නෙවී
මීට කලින් එහෙම දෙයක් ඇකල තිබුනෙ නැති නිසා. මේ දෙඹකරය පදවපු ඩ්‍රැයිවර් මහත්තය
හැමතිස්සෙම හිටියෙ පයිලට් නෙකෙන් වගේ ආඩම්බරෙන්.
මේ අතරෙ ගමට විදුලිය
ලබා දෙන දිනය ලං වෙන කොට ගමේ ගෙවල් එකින් එක
වයරින් කරන්න පටන් ගත්ත. මං හිතන්නෙ ඒ කාලේ වයරින් කරන කාර්මික ශිල්පියො
හොයාගන්නත් ඒ තරම්ම ලෙහෙසි පහසු වුනේ නැහැ. අපේ ගෙදර ටික කාලෙකට පෙරම වයරින් කරල
තිබුන නිසා අපිට ඒක ඒ තරම්ම ප්‍රශ්නයක් වුනේ නැහැ.
ගමේ විදුලිය විවෘත කරන
දිනය තීරණය වුනාම ගමේ කස්ටිය මේක ටිකක් ලොකුවට කරන්න තීරණය කරල තිබුන. ඒ හින්ද මේ
දවසට ගමේ සංගීත සංදර්ශයක් පවත්වන්න ලහි ලහියෙ කටයුතු සම්පාදනය වුනා. අපේ කඩේ සීය
වගේම අද්දරවත්ත අයියත් මේකේ මූලිකයො වුනා. බෑන්ඩ් කණ්ඩායම වුනේ ඒ කාලෙ මාතර ප්‍රසිද්දම
එක වුනු සුපර් බ්‍රෙක් වෝටර්ස් (මම හිතන්නෙ මේ නම හරි වෙන් ඇති කියල) කියන
කණ්ඩායමයි.
ඉතින් අන්තිමේදි මේ
ලයිට් දෙන දවස උදා වුනා. කවුරුත් කිව්වෙ ගමට ලයිට් දෙනවා කියලයි. විදුලි බලය ගැන
මිනිස්සුන්ට දැනීමක් තිබුනෙ නැහැ. කාගෙත් හිතේ තිබුනෙ ගෙදර විදුලි බුබුලකින් ආලෝක
කරන හීනය පමණයි. මේ දවසෙ දහවල් වෙනකොට ගෙවල් වලට විදුලි සම්බන්ධය දුන්නත් කාගෙනුත්
ඉල්ලීමක් කරල තිබුන විදුලිය විවෘත කරන කල් ගෙවල් වල විදුලි එලි පත්තු කරන එපාය
කියල. ගමේ මිනිස්සුත් මෙච්චර කාලයක් නොතිබුනු විදුලිය ලැඛෙන්න තව පැය කිහිපයක් බලා
ඉදින්න අකමැති වුනේ නැහැ. කොහොම්න් කොහොම හරි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ අපේ
ගමට විදුලි බලය ලැබුන. පලාතේ මන්තිරිතුමා ඇවිත් විදුලිය විවෘත කලාම ගමේ ගෙවල් එක
දෙක එළිය වෙන්න ගත්ත. හැබැයි මුලූ ගමම එළිය වෙන්න තවත් අවුරුදු දහයකට වැඩි කාලයක්
ගත වුනා.මේ ලගක් වෙනකනුත් අපේ ගමේ කොකු ලයිට් කාරයො කීප දෙනෙක්ම හිටපු බවත් ඒ කවුරුදු කියල මගෙන් අහන්න එපා
කියලත් අන්තිමට ලියල තියන්නම්.
ඉතින් අපි කොහොම හරි
ලාම්පු එළියෙන් ඉපදිල විදුලි බලයට මාරු වෙන්න වාසනාව ලැබිච්ච පරම්පරාවෙ කොටස්
කාරයො වෙන්න වාසනාවන්ත වුනා. එහෙම වාසනාවක් නොතිබුන හසරැල්ල වගේ උන් ලයිට් ගියපු
ගමන් ෆේස් බුකියෙ ස්ටේටස් අප්ඩේට් කරන්නෙ ‘’ලයිට් නෑ කියල’’ අන්න ඒකයි.
ඉතින් ටී වී කථාව
ඔතනින් ඉවර වුනේ නැහැ. කාලයක් යද්දි මේකෙ අරුම පුදුම වෙනස් කම් වෙන්න පටන් ගත්ත.
වී එච් එච් චැනල් වෙනුවට යූ එච් එෆ් එන්න ගත්ත. ගෙදර තිබුනු එක ඇන්ටනාව දෙකක්
වෙන්න ගත්ත. ඒ මදිවට බූස්ටරයක් කියල පෙට්ටයකුත් එල්ලන්න වුනා. ඒ ඔක්කොමත් හරි ටී
එන් එල් කියල ලංකාවෙ අදටත් විශිෂ්ටතම රූපවාහිනී චැනලය පටන් ගත්ත. ඒක බලන්න නම්
අලූතින් දිග ඇලූමිනියම් බලයක් ඩයපොල් එකට හයි කරන්න වුනා. එහෙම හයි කරන් ටී එන්
එල් බලපු මිනිස්සු ටික කාලෙකින්ම ඒකෙ යන වැඩ සටහන් බලල සතුටට අර ඇලූමිනියම් බටේ
කන්න පටන් ගත්ත. හැබැයි ටී එන් එල් අදටත් වැඩ.
අපේ ගෙදරටත් පහු කාලෙක
වර්ණ රූප පෙට්ටියක් ගෙනාව 1995 විතර. ඒක
අදටත් මගේ ගෙදර යහතින් වැඩ. විශේෂත්වය තියෙන්නෙ 1982 ගෙනාපු මුල්ම එකත් අදටත් සුපර් ස්ටාර්ල පෙන්න පෙන්න
තාමත් වැඩ.
ඔන්න ඔහෙම එකින් එක
වෙනස් වෙවී වෙවී රූප පෙට්ටිය අද තියෙන තැනට ඇවිල්ල තියෙනව. වුනේ එකම වෙනසයි - රූපවාහිනිය වටේ එකතු වෙලා ගමේ
කාගෙත් දුක සැප ඛෙදාගත්ත අපේ මිනිස්සු දැන් හවස් වෙද්දි ගෙවල්වල දොර ජනෙල් වහගෙන
ඉන්දියාවෙ තුල්සිලගේ දුක සැප ඛෙදා ගන්න එක විතරයි.
පසු සටහන - වර්ණ
රූපවාහිනී පැමිනියේ විදුලි බලය ලැබීමට පෙරද පසුදැයි මට නිච්චියක් නැත. තවද මට දිග
ලිපි ලිවීමෙ හැකියාවක් නොමැති අතර,
පාඨක ජනතාවට මගේ ලිපි
කියවීම හැරුනු කොට වෙනත් වැදගත් වැඩ ඇති බවද මම දනිමි. ඒ කෙසේ වෙතත් දින 7ක ඇතුලත මගේ දුප්පත් බොලොගයට ගොඩවැදුනු 1000 කට අධික වූ පාඨක
ජනතාවට මාගේ ප්‍රණාමය.
අපි වගේ පින්වන්ත උන් මේ ලෝකෙට පහළවෙන පෙරනිමිත්තට තමයි ගමට ලයිට් ලැබුනේ...තේරුනයි
ReplyDeleteලයිටි බිල දැක්කම ඒ පින පල දීල කියල පේනව
DeleteYour writing style is awesome... Keep it up!
ReplyDeleteMata mathaka hatiyata nam hasaralla ipadila maasa ganen light awa wage....waradida manda...samahara wita mata ehema danenne..mekaa apita e kale nikam itipandamak wage penuna nisa wennath athi..
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteකතාවනම් මටත් බොහොම සමීපයි. ඒත් මේ කතාවේ හොදම කෑල්ල තමා //අපේ අක්කා රිංගීමට ඉඩ ඇති නිසා බොක්ස් පහසුකම් අත්හිටුවා තිබිනි// කියන ටික හිකිස්......
ReplyDeleteඔන්න මම කියන්න ආපු එක කියලා කතාවේ හොදම කෑල්ල එක තමයි
Deleteකළු සුදු රුපවාහිනී අපු කලේ මුණ දීපු ප්‍රදානම ගැටලුව උනේ ඇන්ටනාව හඊ කරන එක.දිග උනගහක් ඕනේ .ගස් නගින්න පුලුවන් සවි සක්තිමත් ය එකතු වෙලා කොස්ගාහක ඇන්ටනාව ගැටගහනවා හැන්දෑවට පන අරගෙන කරකවනවා මට තම මත ඉ
ReplyDeleteමගේ කලින් පෝස්ට් එකේ විස්තරේ තියෙනවා කියවන්න
Deleteවර්ණ රූපවාහිනියක් බැටරියකින් වැඩ කිරීමෙ පහසුකම තිබ්බෙ නෑ මම දන්න හැටියට. ඒ කියන්නෙ වර්ණ රූපවාහිනී බැලුවනං අනිවාර්යෙන් විදුලි බලය තියෙන්න ඕන.
ReplyDeleteඉස්සර අපිත් නන්දන වින්දන බැලුවෙ ඔහොම තමයි මේ ළඟ හෝටලේක. ටීවී එක තියන්නෙ මේසෙ උඩ ස්ටූල් එකක් තියල.
ඒ පාර දිගට හරහට ලියලා. තැන්කිව් වලින් වැඩක් නෑ ගොයියෝ, අනික්වටත් ගොඩ වෙයන්, නැත්නම් පැවත්මක් නෑ. බලහන් කෙන්ජියට කොමෙන්ට්ස්. කට කපලා.. ඉරිසියාවේ බෑ....
ReplyDeleteනැත වෙලාව
Deleteමූට නං එහෙමට අවුලක් වෙන එකක් නැ මාතේ අපේ ගෙවල්වලට ගොඩ නොවුනට , බලකෝ ලියවිල්ලේ රහ
Deleteඅදත් ආව කිහිපයකට. පුලු පුලුවන් වෙලාවල් වලට එන්නං - රස්සාවයි පරස්සාවයි දෙකම ඛේරගන්න එපායැ
Deleteකළු සුදු, වර්ණ වුනාට පස්සේ මාත් වර්ණ තැනකට රිංගුවා. කළු සුදු ගෙදර අය අප්සට් උනා. ඌ මගේ යාළුවෙක් නිසා මට ආපහු ටික කාලයක් යනකම් කළු සුදුම බලන්න වුනා. මෑන් නාට්ටි පටන් ගන්න ඉස්සෙල්ලා අපේ යාළුවන්ගේ ගෙවල්වලට ඇවිල්ලා එක්කන් යන සයිස් එකක් ආවා. තාමත් කළු සුදු බලන තැන් තියෙනවද?
ReplyDeleteඅපේ තාත්තා තවම කව සුදු එකක් බලනවා .
Deleteඒකාලෙ කලු සුදුව තාමත් හොදට වැඩ. ඇන් තියෙන මගුල් අවුරුද්දයි දෙකයි. බෝඩ් මාරු කරන්නම වෙනව. ඇඩ්වයිස් එකනම් හොදම බ්‍රෑන්ඩ් එකක් නැතිව ලාභ එල් සීඩී එල ඊ ඩී ගන්න එපා.
Deleteමේ වගේ සීන් එකක් ගැන මමත් පෝස්ට් එකක ලිව්ව මතකයි,ඇත්තටම මුල් කාලෙ ටී වී බැලිල්ල ගැන මටත් ඔවැනිම අත්දැකීම් තියෙනව.
ReplyDeleteමල්ලිටයි අක්කටයි මෙහෙමත් මඩ ගැහිල්ලක්...
ReplyDeleteඅපේ ගෙදරත් ඉස්සර කළු සුදු එකක් තිබුණා. ඒකෙ ඇන්ටනාව අරන් සතියකට දෙතුන් පාරක් තැන වෙනස් කරනවා.. හික්ස්
මට නම් ඒ වගේ කාලයක් ගැන හිතන්න වත් බෑ. මේ ඒක නෙමේ... ඔබේ බ්ලොගය දුප්පත් නැහැ පොහොසත්.
ReplyDeleteඒ කාලෙ අපේ ගෙදර තිබ්බෙ ඩේට්ට්‍රෝන් ටීව් එක. ඕක ගැන ලියපු කතා දෙකතුනක් බ්ලොගේ ඇති..
ReplyDeleteසුන්දර අතීතයක්..
me hema athdekimakma matath bohoma smeepay.adath bohooma asawen kiyewwa.
ReplyDeleteටීවි එක කැඩියන් මම කියන්නේ.. මොකද දැං ඇති.. ටිවි ෂෝ එක..
ReplyDeleteඉවරයි ඉවරයි
Deleteනලින් අයිය හොදම කැල්ල කියල නේ.ගොයියො උබට මෙච්චර හිට්ස් තියෙන්නෙ අක්කයි මල්ලියි නිසා හරිය .හැබැයි දෙන්නටම වගෙ උබටත් පට්ට රසට ලියන්න පුලුවන්.මටත් මතක් උනා වෙන ගෙවල් වලට ගිහින් ටි වි බලපු හැටි.එ දවස්වල බලපු ෆිල්ම් එකක් තමයි හත්වෙනි දවස
ReplyDeleteමටත් මතකයි අපේ දිහාට කට්ටිය එකතු වුනා ටීවී බලන්න.. අපි බැලුවේ කරන්ට් එකෙන්.. කරන්ට් විදිහක් මට මීටර් නෑ මට අවුරුදු එකක් විතර ඇතිලු එතකොට. අපේ දිහාට බ්ලැක් ඇන්ඩ් වයිට් ටීවී එකක් ගෙනාවේ අනුව දශකයේ මුල් කාර්තුවේ.. හැබැයි වැඩිපුරම ආවේ වටේ පිටේ පොඩි එවුන් තමයි. ඒ වෙනකොට ගොඩක් ගෙවල් වලට ටීවී තිබුනා... දැන් අපි කොච්චර හුදකලා වෙලාද කියල හිතෙනවා.
ReplyDelete