මං මේ මිනිහට මගින්
මගටම කිව්ව සිල්වියා ටිකක් මොලේ කල්පනා කරල වැඩ කරන්නය කියල. ඔය ගෙන්දගම් පොළවෙ
පයගැහැව්වම කියන කරන දේවල් ඔක්කොම අමතක වෙනව කියල අපේ ඩැඩාත් කියල තියෙනව. කොහෙද
මේ මිනිහ කියන එක අහන එකක්යැ ඔය ගියේ උඩ දාගෙන රට රකින්න කියල. හත් දෙයියනේ දැන්
කොහොමද අපි ලෝකෙට මුහුන දෙන්නෙ. මටනම් දැන් එළියට බහින්නවත් හිත් දෙන්නෙ නෑ අයියෝ.
ඇරත් මං අහන්නෙ මිනිහට වටිනවද අර රටක් රාජ්ජයක් වගේ ඉන්න ප්‍රයිම් මිනිස්ටර්ගෙ හිත
රිදෙන විදියට අර විදියට කථා කරන්න. දැන් මේ රටේ මිනිස්සු මං ගැනත් මොනව හිතනවද
දන්නෙ නැහැ. මේ මිනිහ තාත්තෙක් නේද? හිතන්න එපායැ තමන්ගෙ ළමයි කොහොමද සමාජෙට මුහුන දෙන්නෙ
කියල. මේ රටේ විතරක්නං කමක් නෑ,
බලන්න අර ඇමරිකන්
කොල්ලට කථා කරපු හැටි. වැදගත් මිනිහෙක් කරන වැඩක්ද. මගේ ඇමරිකන් රිලේටිව්ස්ල මොනවා
හිතනව ඇත්ද? මම නෙවෙයි තව මොහොතක් මේ ගෙදර ඉන්නෙ.
(ඉංගිරිසියෙන්) අම්මප යනව
ඔලූව හැරුණ අතේ...
........................................................................
........................................................................
ජෙනරාල් මේක තමයි අපේ
ඉතිහාසයේ සිදුවුනු විශාලම ත්‍රස්තවාදී ප්‍රහාරය. බිල් ලාඩන් කාරය ලෝක වෙළද මධ්‍යස්ථානෙ
බිම දැම්මට ඒක නිකම්ම කිනං බිල්ඩිමක් විතරයි. නමුත් මේ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුනේ
අපේ මුදුන් මුලටමයි. මෙච්චර කාලයක් අපි ලෝකෙ පාලනය කරන්න භාවිතා කරපු මේ ආයුදේ
කොහොමද මේ තුන්වෙනි ලෝකෙ මිනිහෙක්ගෙ අතට ගියේ. ඇරත් කෝ මේ එෆ්.බී.අයි. සී අයි.ඒ.
කාරයො ටික. උඹල එකෙකුටවත් පුර්ණ නිගමනයක් තිබුනෙ නැද්ද මේ ත්‍රස්තවාදිය මෙහෙම දේකට
අර අදිනව කියල. දැන් ඔක්කොම ඉවරයි ඔක්කොම ඉවරයි.
දැන් අහවල් එකක් කියල මූට ගහන්නද? මොකෝ මුගේ ලග රසායනික
අවිවත් තියෙයි කියලයැ.
................................................................
................................................................
ඔහෙට මම කිව්ව හරියට
හොයන්නෙ බලන්නෙ නැතිව මේ ළමයි ටියුෂන් පන්ති ගානේ යවනකොට මෙහෙම වේවි කියල. බලනව
මේ කොල්ලගේ රිසල්ට් ශීට් එක. ඉතිහායස 34, රසායන විද්‍යාව 45, භූගෝලය 28,
ඉංගිරිසි .. අනේ අම්මප
ඉංගිරිසි මුගේ මව් භාසාව නේද? 56. මේ හාම්නේ
දැන්නම් මේක බලන් හිටිය හොදටෝම ඇති. මූව මකවල හරි හදන්න දැන් කාලේ හරි. මම අද
එද්දි දැක්ක හයිඩ් පාක් හන්දියෙ බැනර් එකක් එල්ලල තියෙනවා ඉංග්‍රීසි ටියුෂන්
කාරයෙක්ගෙ. මිනිහ දැන් ලංඩන් වල හරි ප්‍රසිද්ධයි
කියන්නෙ. අම්මල තාත්තල පෝලිමේ ළමයි අරන් යනවලූ මිනිහගෙ ඉංග්‍රීසි පන්තියට. අපේ
ඔෆීස් එකේ එවුන්නං කියන්නෙ ශේක්ෂ්ෆියර් ගාවට ලෝකෙ බිහිවෙච්ච හොදම ඉංගිරීසි කාරය
මිනිහ කියලයි.
................................................................
................................................................
බොලං අප්පුවෝ උන්දැ
දුන්න නේද ඉංගිරිසියෙන් හුච හුච ගාල. අර සුද්දට රෙවෙන්න බොල. ඌ හරියට ඇඹරුනේ අද
ඊයේ ගෙට වෙච්චි කෙල්ලෙක් ගානට ඕන් අම්මප. ඕන් ඔහොම වීර වරු තමයි බොල මේ පොලොවට තව
තවත් බිහි වෙන්න ඕන මං කියන්නෙ. බල
පල්ලකො උන්දැගේ ගාම්බීර පෙණුම. මට නම් පෙනුනෙ අපේ ඩී ඇස් අප්පො ආයිත් පොලොවෙන්
නැගිටල ඇවිත් වගේ කියල. ඒකට මේ දැන් මේ රට කන කැනහිල්ලූ ටික. එකෙකුට පුලූවන්ද
උන්දැ වගේ ඉංගිරිසියෙන් වචන දෙකක් කියෝ ගන්න. මාත් එක්ක ටැලිවිසොම බල බල උන්නු අපේ
ඉස්කෝලෙ බෑනන්ඩියගෙන් මං ඇහැව්ව මොනාද බං මේ මහත්තැන් අර කච බච ගාල දෙසා බෑවෙ
කියල. ඌ කන්න වගේ වගේ මගේ දිහා බලන් ඉදල කියපි - උගේ අම්මගෙ ඉංගිරිසි - ඕව අපේ
පොත්වල නෑය කියල.
..................................................................
..................................................................
මේ මා පසුගිය සතියේ
ලෝකයේ රටවල් කිහිපයක සිදුකල සංචාරයේදී අහම්ඛෙන් මෙන් අසන්නට ලැබුනු සිද්දීන් වලින්
කිහිපයක් පමණි. මිනිසුන්ගේ කථා බහට හොරෙන් සවන්දීම සහ ඒවා නැවත නැවත තැන් තැන් වල
කිය කියා යෑම නරක පුරුද්දක් බැවින් මේ කථා මෙතැකින් නතර කරමි.
නමුත් මට එහෙන් මෙහෙන්
ආරංචි වූ කරුනු කාරනා ටිකක් ඔබලාට නොකියාම ගියොත් මට අද නින්ද නොයන නිසා පහතින්
කිය ලියා තබමි.
(ඒ). මේ සිද්ධි දාමයට
අනුව.. මට නම් පෙනී යන්නෙ.. .. .. මගේ ඇමතිකම.....
ලගදීම .... වෙනත් අයකු විසින්...... දරනු ඇති බවයි..... - ඇමතිවරයෙක් හීනෙන්
දොඩවයි
(බී). මිනිහ මගේ
ඉංගිරිසී පන්තියේ අන්තිම පේලියෙ හිටියෙ. ඒ දවස්වල හරි කම්මැලිය. ඇල්පබට් එකවත් ඇහුවට
පාඩං නෑ. මිනිහ අද ඔය තත්ත්වෙ ඉන්නෙ මම හින්ද - සිරකරුවෙක් තවත් සිරකරවෙකුට පවසයි
(සී). මේ නරකද මිනිහව
ඔහේගේ ඉංගිරිසී උපදේශක කරගෙන, අපේ ලොකු
අක්කගෙ පුතාට තානාපති කම දුන්නොත් - උඩු රුවුලක් ඇති මහතෙකුට සිය බිරිද පවසයි
(ඩී).
ලබන සතියෙ පන්ති
ඔක්කොම නිවාඩුයි කියල ළමයින්ට දන්වල රේඩියෝ එකේ ඇඩ් එකක් දාන්න ඕන. කවුද දන්නෙ උන්
අහවිද කියල අර ඉංගිරිසි වචන වල සිංහල තේරුම මොකක්ද කියල - අපේ සිංහල පන්තියේ සර්
මගේ අගක් මුලක් නොමැති
කථාව මෙතැකින් නවතා දමමි. ඒ මන්ද යත් මේ ඉහතින් කියු ඇසූ කාරනා මිහිපිට හෝ අන්තර්
ජාලයේ පය ගසා සිටින ඔබ වැන්නන්ට අරුමයක් නොවන නිසාවෙනි. අද ලෝකයේ හැමතැනම කථා කරන
මේ ඉංගිරිසි වචන කිහිපයේ සිංහල අරුත් මේ පෝස්ටුවේ හෙඩිම වේ.
vitriolic diatribe...... proxy propaganda....... dichotomy of
dis-juncture....punitive justice....
සතියේ ත්‍යාගයක් දිනා
ගත හැකි ප්රශ්නය - ම විසින් ඒ බී සී ඩී ලෙස දක්වා ඇති දෙබස් කාණ්ඩයන් කවුරු විසින්
පවසන ලද ඒවාද යන්න නිවරදි අනුපිලිවෙලින් කොමෙන්ටු කරන වාසාවන්තයන් අතුරෙන් පස්
දෙනෙකුට - අද අපේ අක්කා කොන්ඩය ඩයි කිරීමට භාවිතා කළ ඩයි වර්ගයෙන් පැකට් පහක්
නොමිළේ ලබා දෙනු ලැබේ.
Niyamay..niyamama niyamay..ekak harenna..ara anthimata gahapu mada para waradiy...mama dye pakat walin newey konde paata kale..cream ekakin...haridooo
ReplyDeleteඅපේ අක්කාගේ කීම අනුව ත්‍යාගය වෙනස් කරන ලදී. එය ඩයි වර්ගයක් නොව නවතම කිරීමයකි. එයින් බදුන් පහක් නොමිලේ.
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteජී.ඇල්(වතුර) පීරිස්,සක්විති හොරසිංහ,ශිරන්ති කිංග්ස් ඈස්,සිංහල සන්නස්ගල.
ReplyDeleteමේ දවස්වල ක්‍රිස් නෝනිස් ලොක්ක නැගලම යනවනේ.
නෝනිසාලංකාරය ගැන බ්ලොග් පෝස්ට් එහෙකුත් තිබුණනේ
උත්තර පිලිගතහැකි මට්ටමෙ සම්පූර්ණ ඒවා නොවන බැවින් ඩයි පැකට්ටුව හිමි නොවෙ.
Deleteජී.එල්.පීරිස්,සක්විති රණසිංහ,ශිරන්ති රාජපක්ෂ,උපුල් ශාන්ත සන්නස්ගල.
Deleteඑහෙම කිව්වම බොට තේරුම් ගන්න ඇහැකියී ? :D
වැරදියි වැරදියි
Deleteඅප්පේ.... මාතෘකාව දකිද්දි හිතුණා අපට බැනල දෝ කියලා :D
ReplyDeleteමතෘකාව නම් තාමත් තෙරෙන්නෙ නැ.අනිත් ටික නම් නොනිස් හ්=ගෙයිය ගැන බව තෙරුනා මුනුපොතේ දාපු එකක් දැක්ක නිසා
ReplyDeleteකාටද මමෙව තේරෙන්නෙ - සුද්දටත් නොතේරුන කොට
Deleteඋඹ මේවගෙ සිංහල පද හොයාගත්ත එක නම් වටිනවා...
ReplyDeleteකොහෙන්ද අප්ප අර සිංහල වචන ටික හොයගත්තෙ...
ReplyDeleteඔක්කොමත් හරි අර අක්කට අන්තිමට ගහපු මඩ පාර නං කැතයි හොඳේ.... හි හි...
අක්ක කොන්ඩේ උඪ තොරණක් වත් ගහන්න යනවාද? පාට පාට ගාලා..
ReplyDeleteKawuda ane paata paata gawe...kalu kalaa sudu gas tika..echcharay
DeleteKawuda ane paata paata gawe...kalu kalaa sudu gas tika..echcharay
Deleteමගේ අග්න්‍යාසය ඉස්මොල්ලේ ගියා හෙඩිම කියෝලා...
ReplyDelete//උග්‍ර අප භාෂණය, ප්‍රතියුක්ත සම්ප්රචාරණය, වියුක්ත ද්විධාකරණය සහ දාණ්ඩික සාධාරණත්වය//
ReplyDeleteඔන්න ඔය කියන ඒවයින් කළං දෙකයි මංචඩි හතර බැගින් ගෙන පත අටට සිඳවා මහාරාජ ලොකු උන්නැහෙට බොන්න දීපං චුයින්ගම් එකක් එක්ක. එතකොට ** අමාරුව හරියයි
අම්මපා මාතෘකාව දැක්කම මට කියවන්න බය හිතුනා..
ReplyDelete1.නෝනිස් මහත්තයාගේ Wife
ReplyDelete2.ඔබාමා
3.Town එකේ තාත්ත කෙනෙක්.
4.ගමේ අප්පු කෙනෙක්.
දැන් ඉතින් අර දෙනවා කිවා තෑග්ග දීහන් :p :p :p
ෆුටා..හරියට ප්‍රශ්නේ කියවලා නෑ නොවැ.
DeleteA.එල්ජී පීරිස්
B. සක්විති රණසිංහ
C.ශිරන්ති රාජපක්ෂ
D.උපුල් ශාන්ත සන්නස්ගල :v
නිවැරදි පිලිතුරු සහ ජයග්‍රාහකයින් තව දින පහකින් ප්රකාහයට පත් කරන ඇත.
Deleteපට්ටයි බං කියලා වැඩක් නෑ... මඤ්ඤං ගතිය චුත උනාම, උත්තරේ දෙඤ්ඤං... ඒත් තෑගී නම් එපා.. මොකෝ...
ReplyDelete"සොබා දහමට ළොවේ අවනත නොවන කිසිවෙක් නෑ........"
මූට කොහොමත් තෑගි දෙන්න එපා, සිංදුවත් වැරදියට කියලා තියෙන්නේ...
Deleteතෑගි දෙන්නෙ තව දවස් 4 කින්
Delete