Saturday, November 2, 2013

පාසලෙන් පැන යාම හෙවත් පාසල් දිවියේ ආරම්භය

මන් දන්නෙ නෑ ඔයාලට කොහොමද කියල. මට නං මගේ පුංචිම පුංචි කාලෙ කිසිම දෙයක් මතක් කලාට මතක් වෙන්නෙම නැහැ. ඒ හින්ද හුගාක්ම පුංචි කාලෙ විස්තර කියන්න මම දන්නෙ නැහැ. අපේ අක්කනං ඒ දවස්වල කිව්වෙ මම අරං හදාගත්ත ළමයෙක්ය, මාතර පාලම යට ඉදල අම්මයි තාත්තයි අරගෙන ආවය කියල. ඒ ඒ කාලෙ අපේ අක්කගෙ ලිංගික අධ්‍යාපනයෙ තරම තමයි. කොහොම ආවත් මගේ උප්පැන්නෙ තියෙන්නෙත් ජාතුන් දහනායක කියන සර් නේම් එකම තමා.

ඉතින් ලමයෙක් ඉපදිලත් ඉන්නවනං, උප්පැන්න සහතිකේතුත් තියෙනවනං, අවුරුදු හයකටත් කිට්ටුනං ඉස්කෝලෙ නොයා ඉන්නද? කරුමෙ කියන්නෙ මටත් ඉස්කෝලෙ යන්න වුනා. මාර/ අත්තුඩාව මහා විද්‍යාලයට. අපේ අක්ක ඉගෙනගත්තෙත් අම්ම ඉගැන්නුවෙත් ඒ වෙනකොට එහෙම තමා.

පළවෙනි දවසෙ උදෙන්ම අම්මයි අක්කයි එක්ක ඉස්කෝලෙට යන්න මට ඇත්තටම ආසාවක් තියෙන්න ඇති. මොකද? ඉස්කෝලෙයක් කියන්නෙ මොනවගේ තැනැක්ද? කියල ඒ වෙනකොට මට හරි අදහසක් තිබුණෙ නැති හින්ද. ඉතින් කොහොමින් කොහොම හරි ඉස්කෝලෙට ගියා කියමු.

ගියපු වෙලාවෙ ඉදල ටීචර්ල ටික තරගෙට මගේ මූන මිරිකනව. ආදරේට හොදේ (මොකද ඒ කාලෙ මම මාර ලස්සනයි).  ලොකු කෙල්ලො - ආනේ අද ටීචගේ බබාත් ඉස්කෝලෙ ඇවිල්ලනෙ කියල මාව අරපැත්ත මේ පැත්ත ගහ ගහ බලනව. දැන් තත්ත්වය එන්න එන්නම දරුණුයි. ගෙදරට වෙලා ආතල් එකේ සෙල්ලමක් කරගෙන හිටිය මට වෙච්චි කරුමයක මහත.

ඕනනම් මම පැයක් විතර අලූත් පන්තියෙ ඉන්න ඇති. ................................

ඉන්පසු පාසල් ඉතිහාසයේ මෙන්ම (සමහරවිට ශ්‍රීලංකා/ ලෝක ඉතිහාසයේ) නව වාර්තාවක් තබමින් මම පාසලෙන් පැන හුරේ කියා ගෙදර බලා දුවන්නට වීමි. අතරමගදී මා පසු පස හඹාගෙන ආ මගේ දයාබර සහෝදරියට සිදුවූයේ මගේ නවතම සපත්තු ජෝඩුවේ රස බැලීමටයි. කෙසේ හෝ මෙම සියලූ පර සතුරු බලවේග බිදහෙලු මම පාසල නම් භයංකර ස්ථානයෙන් මිදී මගේ රාජධානිය වෙත නැවත පැමිණියෙමි. ඉන් අඩ හෝරාවකට පමණ පසු එහි සැපැත්වූ මව් බිසෝ තුමෝ (ඉරටුවකින්) කස පහර සියයක් පමණ එල්ල කොට මාගේ පාසල් දිවියේ සමාරම්භය සමරණ ලද්දෝය.

හරිද වැරදිද දන්නෙ නැහැ - ඔන්න ඔහොමයි මම ඉස්කෝලෙ ගියේ - එහෙමත් නැත්තං ඉස්කෝලෙන් පැනල ගියේ.

ප. ස - දැන්කාලෙ එවුන් 13 වසරෙදි ඉස්කොලෙන් පැනපුව ගැන ලොකුව කියන කොට මට නිකන් ඇඩෙන්න වගේ

40 comments:

  1. Mata andenne ekata newey..mekaawa bera ganna gihin mama ammagen kapu parawal matak wela...
    Sapaththu deka maga..poth bag ekath maga

    ReplyDelete
  2. හෙහ්...හෙහ්...මාත් ඉස්කෝලේ ගිය පලවෙනි දවසෙම අම්මගෙන් ගුටි කෑවනේ...පැනලා ගිහිල්ල නෙවි.ළමයින්ට එක එකේවා කියලා

    ReplyDelete
  3. මං මොන්ටිසෝරියෙන් නම් පැනලා ආවා :) දවස් 2යි ගියේ. ඊට පස්සෙ අම්මලගෙ එස්කෝලෙ 1 වසරටම ප්‍රමෝශන් එක ලැබුණා. ඒ කියන්නෙ මං අවුරුදු 2ක්ම 1 වසරට ගිහිල්ලා :)

    මාතර පාලම යටින් ගෙනාව නම් කිඹුල් පැටියෙක්ද දන්නෙ නෑ සිරාවට :P

    (හැපෝයි :( කොමෙන්ට් වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරපියෝ)

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදරත් මම ඇරුනම අනිත් දෙන්නටම එක වසරට පොමෝශන් - එක පන්තියක අවුරුදු දෙකක් හිටිය - මගේ අදහස නම් මේ ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් පරීක‍ෂණයක් කරල විභාග ප්‍රතිපල අත්හිටුවන්න ඕන

      Delete
    2. හපොයි..ඔව්...ඔව්.,.,

      Delete
  4. හුදී ජනයාගේ පහන් සංවේග උදෙසා වෙරිෆිකේශන් ඉවත් කරන ලදී - මෙම බොලොගය ප්‍රචලිත කිරීමට සහයෝගය දුන මැනව

    ReplyDelete
  5. පිස්සු හැදෙනවා නොවැ. ඉතිං ඉතිං ඊට පස්සෙ ලොකු උනාම පැන්නෙ නැත්ද?

    ReplyDelete
    Replies
    1. හෙමි හෙමින් ලියන්නම් කථා ගොඩයි

      Delete
  6. ඔන්න මමත් ආව මේ පැත්තේ ...මා ගැන නම් ඔයාගේ අක්කයි හසරැලුයි දන්නවා ... ඉඩක් ඇති විටක එන්න මගේ බ්ලොග් එකටත් ....

    ReplyDelete
  7. හරිතයෝ අක්කටයි මල්ලිටයි වගේ ම රහට ලියන්න උඹත් හපනෙක් බං.. බ්ලොග් ආගමනයට මගේ සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. නලියෝ රහ කෙසේ වෙතත් මේකා අරකගෙයි. අරකිගෙයි හන්දුරුකං ඉවර කරයි වාගේ

      Delete
    2. බොලා ඔක්කොම බලං ඉන්නේ ඒකයි එහෙනම්....ඒවා හඳේ මල්ලි අරිද ....

      Delete
  8. බ්ලොග් පවුලක තුන්වැනියාට සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. 4 වෙනියෙකුත් ඉන්නවා මේ ගොල්ලන්ගේ නොවන මේ අයගේ සහෝදරයෙක් :v :v :v :v

      Delete
    2. මගේ ෆේස් බුක් කමෙන්ට් එනෙක් පස්සෙ මිනිහ ආගාය අතක් නැහැ

      Delete
    3. මාත් මිනිහව දැක්කේ නැහැ තමා..

      Delete
    4. මේ උඩ ඉන්නේ කවුද ????

      Delete
    5. Blog pawule wayasa anuwa nam meyaa dewaniya..e wunata ape blog loke praveenaya hasaral..ape podi ekaa..

      Ane pin athi ekek menna me deshakayawa mata allala dennako..mekaa naakamak kiyagena enawa..mata nam baye ba

      Delete
    6. දේශකය කියන්නෙ ඇඩ්රස් නැති එකෙක්..

      Delete
  9. අහා එල එල අපි එනවා දිගටම මේ පැත්තේ පොඩි කාලේ ඉදන්ම පටන් අරන් මරු......

    ReplyDelete
  10. සුභ පැතුම් කොල්ලො...
    මේ රට ගිය හාදයද...?

    ReplyDelete
  11. නේපාලේ පැත්තේ මඩ තල්ලි මෙහාට විස්ක් කරන එකට අපි විරුද්ධයි.. මේක අපේ රට.. හැක් හැක්..

    ජය වේවා ජය වේවා.. මම දැනගත්තා පවුල පිටින් මේ දගලන්නේ අපිව අමාරුවේ දාන්න තමා කියලා.. දිගටම ලියමු.

    ReplyDelete
    Replies
    1. එහේ මඩ නෑනේ බං...තියෙන්නේ හිම

      Delete
  12. මමනං පැනලා ආවේ තාත්තා නැතිව ගෙවල් ලග අක්කලා දෙන්නෙක් එක්ක පණ්ඩිතයා වගේ ගිය දවසේ... අතර මගදී හම්බ වෙලා මාව නවත්තන්න ආව එක ටීචර් කෙනෙකුගේ අත හපා කාලා..අනිත් කෙනාගේ කකුල් දෙක යටින් රිංගලයි මං ගෙදර දිව්වේ... දැන් උනත් ටිචර්ලා දෙන්නා මාව හම්බ උනොත් ඕක කියලා හිනා වෙනවා... :D

    අරුන්දලා දෙන්නට ගහන්නට මඩ ටිකක් උඹෙන් හොයා ගන්න ලැබේවා කියලා පතමින් ඒ පරම පවිත්‍ර චේතනාවෙන්ම ඔන්න මාත් එකතු උනා මේක බලන්ට.. :D :D :D

    ReplyDelete
    Replies
    1. මඩ....වෙන මුකුත් එපාද ....:D

      Delete
    2. Maraya..dath nathuwa bath kanna asa wage....

      Anika oyaa e kale indanma akkala ekka ne gihilla thiyenne...iskole..hikis

      Delete
  13. බලපන්කො මේකත් කරන වැඩ! නමේ වැරැද්දද කොහෙද! ;)

    ReplyDelete
  14. අඩේ නියම වැඩේ... මමත් අනන්තවත් කරල තියෙනව....

    ReplyDelete
  15. හපොයි උබ පටන් අරන් තියෙන්නෙම මගොඩි කමෙන් නේ

    ReplyDelete
  16. ඉස්කෝලෙ කියන එක මුල්ම දවසේ වදකාගාරයක් වගේ තමයි හුඟක් ළමයින්ට තේරෙන්නෙ. ඇති උඹ වාහන වලින් බේරිලා පාරේ ආවා.

    ReplyDelete
    Replies
    1. වාහන....හෙහ්..හෙහ්....වෙලේ නියරවල් උඩ යන වාහන තිබුනොත් තමයි...අපේ ගෙදර ගාව ඉදලා ඉස්කෝලේ ගාවට යන්න තියෙන්නේ වෙල මැදින්

      Delete
    2. Diyabariyek kabaragoyek wage wahana thamay....

      Delete
    3. Diyabariyek kabaragoyek wage wahana thamay....

      Delete
    4. මම ගියේ මහ පාරෙන් තමා. හැබැයි ඒ කාලේ වාහන අඩුයි. මාව හැප්පුනත් වාහන වලට තමා ඩැමේජ් එක.

      Delete
  17. යකෝ අපි පොස්ට් එකක් දාලා කොමෙන්ට් 25 පනින්න පොස්ට් 50 ක් වත් ලියන්න වුනා.මේකේ දෙවෙනි එකටම දැනටම කොමෙන්ට් 25 පැනලා....හරිම කුරිරුයි මේ සමාජේ....

    ReplyDelete
    Replies
    1. ඌ ලියන එව්වා අඹල දෙන්නට වඩා රහයි ඒකයි ඔය . අයියනේ බං ඉරිසියා කරන්ඩ එපා

      Delete
  18. අපේ ගෙදර හැමෝම නියම දවසට කලින් ඉස්කෝලේ ගියේ අම්මත් එක්ක. ලියාපල්ලකෝ එහෙනං පවුල් පිටින්ම.

    ReplyDelete